Wednesday, August 11, 2010

සිත් දැහැන බිද................



නිදාගැනිමට ඇදට වැටුනත් නින්දක් පෙනෙනතෙක් මානයකවත් නොතිබිණි. ඒ මේ අත හැරුනා මිස ක නින්දට සැරසිමක් නම් සිදුවුමනේ නැත.මෙලෙස විනාඩි කීපයක් ගතකල මට කාඹරයෙන් එලියට යෑමට සිත්විය.

එළියට පැමිණ වෙටපිටාව බලන විට වේලාව මධ්යම රාත්‍රිය පසුකර තිබුනු බව නිහැදියාවෙන් මට පසක් විය.අවට තිබුනේ අඩ අදුරේ දිස්වන නිවාස සන්කීර්ණ පමණි.ඉද හිට ඇසුනු වාහන ශබ්දයක් මිස කිසිම කිසි හඩක් ඇසෙන මානයේ නොවිනි.ඉබේම වාගේ දෑස් දිගු වුනේ ඉහල අහස දෙසටය.පෙනෙන්නට සද නොතිබුනත් පෙනෙන නොපෙනෙන මානයේ දැල්වෙනිම් තිබු තරු දෙක තුනක් මා දෙනෙත් නවතා ගැනිමට සමත් විය.මොහොතකින් මට ගීතයක් මිමිනුණි.

තනි තරුවේ...............
ඔබත් ඔහොම ඔතන ඉන්න
මමත් මෙහෙම මෙතන
ඉන්නවා......................

මෙය වික්ටර් රත්නායක මහතාගේ මා සිත තදින්ම ඇද බැද ගත් ගීතයක්ය.ගීතයේ පද දෙකතුනක් මුමුනමින් අහස දෙසටම නෙත් යොමා තිබුනද,කුමක් හෝ නොසන්සුන් බවක් සිත වෙලා ඇතිබව මට ඉගියකින් දැනින.මා අසල තිබු බිත්තියට උරහිස බර බොට මොහොතක් දෑස පිය ගතිමි.

මගේ නැගණිය දුරකතනයෙන් මා ඇමතු අයුරු මට එක වරම සිහියට නැගිනි.


'අයියෙ,අද මම ලන්ච් ටයිම් එකේ ක්‍රීම් වගයක් බලන්න ගිය.
ඒව හරි ගනන් අනේ,මම ගත්තෙ නැහැ
.වෙන කොහෙවත් බලන්න ගියෙත් නැහැ,ආපහු ආව.'
මේ ඇගේ කතාවයි.
ඇය ඒ තරමටම මට ලෙන්ගතුය.ඇගේ ජිවිතයේ සියලුම දේවල් මා සමග බෙදා හදා ගැනිම අගේ පුරුද්දයි.ඒ දේවල් කුමක් උවත් දැනගැනිමට මා කැමැත්තෙන් පසුවන බව ඈ හොදින් දනි.


මේ සමගම මගේ අක්කාගේ දු පොඩිත්ත,,,,,නිතරම මා අසරණ කරවන කතාබහක යෙදෙයි.

'අනේ චුටි මාමෙ,ප්ලේන් එකක් දකිද්දි මම හැම දාම කෑ ගානව ඔයාට බහින්න කියල
ඇයි ඔයා එකසැරයක්වත් බැහැල මාව බලල යන්නැත්තෙ?
ඔයා ඒ ප්ලේන් මාමට කියන්නැද්ද 'මට දුව බලන්නෝන නවත්තන්න' කියල.
හැබැයි ඔයා මගෙ ඊලග හැපි බද්ඩේ එකට ආවෙ නැත්තම් මම ඔයත් එක්ක තරහ වෙලා වෙන චුටි මාම කෙනෙක් එක්ක යාළු වෙනව හරිද?

කිරිකැටි වචන එකතු කර මෙසේ මා දෙස බලා දොඩන ඇය මගේ සිත්තැවුල් දාහකට විසදුම බවට පත්වන්නේ ක්ෂණයකින්ය.


නන්ගිගේ ඔඩොක්කුවේ සිටිනා අක්කගේ චුටි පුතු මා දෙස බලා 'චුටි මාමේ 'කියාගැනිමට නොහැකිව'අය්යේ අය්යේ'කියා කෑ ගසන්නේ ශරිරයෙ දුවන ලේ සුවදටම බව මට හොදින් වැටහුනි.සිත් දැහැන් ගත කරවන මොවුන්ගේ මෙම දොඩමලුකම් මසිත ශෙල්ලිපි නිර්මානය කරන්නාක් මෙන් මට හැගුනි.








ගත දැවටුනු සීතල සුලන් රොදක් සමග මම නෙත් විවර කලෙමි,දැහැනකට සම වැද උන්නාක් මෙන් මට හැගිනි.

උරහිස බිත්තියට බර කොට කොපමන වේලාවක් ගතවිද යන්න මට හරියටම නොවැටහිනි.නමුත් කිසිම ශබ්දයක් නෑසෙන තරමටම ඇසෙන මානය නිහඩ වි තිබුණි.පසුදින උදයේ රැකියාවට යා යුතු බව සිහියට නැගුනු නියාවෙන් මම දැහැන බිද දමා නැවත කාඹරය වෙත ගියෙමි.

නින්ද සොරාගෙන මා සිත හුදකලා දැහැනක සිරගට කළේ එදින සවස මා කල පුන්චි දුරකතන ඇමතුම බව පසුව මට වැටහි ගියේය.........

Sunday, August 1, 2010

අපේ ජිවිතයෙන් එක දවසක්...........

මුලින්ම කියන්නෝන මම මේ blog එකට තාම නවකයෙක්.මේකෙ ඉන්න හෑමෝම බොහොම ලස්සනට එයාලගෙ post දාල තියනව.මම ඒව කියෙවුවෙ බොහොම ආසවෙන්.ඉතින් මටත් මගෙ අද්දෑකීම් ඔයාලට කියන්න හිතුන.
මම රෑකියාව කරන්නෙ විදේශ රටක.ඉතින් මේකෙ තියන විස්තර ටිකක් කියන්න හිතුන.
උදේ පාන්දරට නෑගිටින්නෙ කොස්සයි පලත්තයි සිහිකරගෙන,ඈදේ ටිකක් අගමලි කඩන්නවත් වෙලාවක් නෑහෑ ඉතින්,නෑගිට්ට ගමන් බලන්නෙ කවුද bathroom එකේ ඉන්නෙ කියල,එක කාඹරේක ඉත්න් අඩුම ගානෙ 5ක් වත් ඉන්නව.කාඹරයක් කිවුවට අඩි15 20 වගේ එකක්.ඒකෙ තමයි කුස්සියයි කෑම කාඹරෙයි නාන කාඹරෙයි නිදන කාඹරෙයි ඔක්කොම තියෙන්නෙ.ඉතින් කවුරු හරි එකෙක් නාන කාමරෙ පෑලවෙලානම් සද්දයක් දාල තමයි උව එලියට ගන්නොනෙ.
එලියට වරෙන් යකෝ ......කියල පොඩි සද්දයක් දානව ඉතින්
ඔන්න ඉතින් ඌ අඩ නින්දෙන් මටත් බෑනගෙන එලියට එනව,ඒ එනකොටම අතුලට පනගත්තෙ නත්තම් ඊළගට වෙන එකෙක් රින්ගනව,ඒ නිස කොහොම හරි අමාරුවෙන් රින්ගගෙන ඔය මොනවහරි ටිකක් දාගෙන දත් ටික අතුල්ලන්න පටන්ගන්නව.කියල වෑඩක් නෑහෑ,ඔන්න ඉතින් ගෙදර මතක් වෙන්න පටන් ගන්නව.අයියෝ මොකටද මේ ජීවිතෙ කියල හිතෙනව,,,ඉතින් කන්නඩියෙන් මගෙම මුන දිහෑ බලාගෙන කෑලි පහ ගහගෙන එලියට එනව,ඊට පස්සෙ ඔය තියන බිස්කට් එකක් එක්ක තේ එකක් බීල දුවනව බස් එක අල්ල ගන්න,ඔන්න ඉතින් බස් එකට නෑග්ග වෙලේ ඉදල ඩ්‍රයිවර්ට වඩා අපි පාර දිහෑ බලාගෙන යන්නෙ,මොකද ටික්කො නගියි කියල.[සාමාන්යයෙන් මෙහෙ බස් ටිකත් ගහන්නෑහෑ.මොකද කීයක් හරි වෑඩියෙන් ඉතුරු කරගන්නොන හින්ද]ඉතින් heat beet එක එකසිය ගානට නග්ගගෙන ගිහින් ඔන්න බස් එකෙන් බහිනව.
හප්පා දෑන් ඉතින් බලපන්කො ගෙදර එකීගෙ රෙස්පට්,උදේට උන්ගෙ මුනවල් දක්කහම සන්සාරෙ එපා වෙනව.උන්ගෙ ඔෆිස් ප්‍රස්නයි ෆෑමිලි ප්‍රන්සයි ඔක්කොම යන්නෙ ඉතින් අපේ පිටින්,[හෑම දොස් පදු පිටින් කියනවනෙ]ඉතින් ඔය සේරම ප්‍රස්න මෑද්දෙ අපි අපේ වෑඩෙ පටන් ගන්නව.මොනාද ඉතින් කරන්න තියෙන්නෙ,සන්සාරෙ පෙර කරපු කරුම සිහිකරගෙන හෝදපන් පුතා මුන්ගෙ බථ්‍රූම්.ඉතින් ඔය නාන කාමර වලින් පටන් ගත්තහම් උන් නිදියපු කාමර කාපු බීබු පිගන් කෝප්ප,ඒව විතරක්නම් බෑරියෑ මුන් රෑට ඈදන් හිටපු ඈදුම් [යට ඈදුනෙත් එක්කම]ඔය සේරම ඉතින් හේදිල්ලක් තමයි තියෙන්නෙ.ඕව ඉතින් ටිඅක ටිඅක් ඉවර කරල ඔන්න අන්තිමටම යනව කුස්සිය හෝදන්න.කියල වෑඩක් නෑ මුන් එකෙකුට කෑම කන්න පිගන් 5ක් විතර ගන්නවනෙ,එතකොට කියන්නොන නෑහෑනෑ හෑදි ගෑරුප්පු ගෑන.50ක් 60ක් පෑනල.දෑන් ඉත්න් ඔන්න ටික ටික බඩ කතාකරන්න ගන්නව.ඉතින් ඒ බඩිගින්නත් එක්ක එන හිතේ අමාරුවෙන්ම කොහොම හරි ගේම ඉවර කරනව.හවස් වෙලා වෙඩ ඉවරවෙනකොටම ඔන්න ඉතින් ගෙදර ගෑනි එනව.මේ ගෑනි ඉතින් අතන හෝදල නෑහෑ මෙතන හොදල නෑහෑ ඈද හරියට ගහල නෑහෑ ලෝකෙ නෑති අඩුපාඩු.ඔන්න ඒ වෙලාවට තමයි ඉතින් උන්ගෙ ම්වු දෙමවුපියො මතක් වෙන්නෙ.කතා කරල වෑඩක් නෑහෑ,ඒ වෙලාවට අත්තටම හිතෙනව ලන්කාවට වෙලා මුට්ට කරගහන වෑඩක් හරි කරගෙන හිටියනම් හොදයි කියල.ආ...කියන්න බෑරිවුනානෙ,ඔය වෑඩ සේරම මෑද්දෙ ඉතින් දවල්ට pizza කෑල්ලක් හරි මොනව හරි බඩටත් දාගන්නව.ඔහොම ඉත්න් වෑඩ ටික ඉවර කරල මරිල මරිල ගෙදර ආපුවම නිකන් ඉන්න නෑහෑ,රෑට කන්නත් ආයෙ මොනව හරි තම්බන්නෝන,[ඒ වෑඩේ නම් අපි දවස් 7ට බෙදාගෙන තියෙන්නෙ.ඒක නිසා උයන්න තියෙන්නෙ සතියට එකදවසයි].ඊට පස්සෙ ඉතින් තම්බ ගන්න දෙයක් කාල පෝලිමෙ ඉදල කොහොමහරි ඈග පොඩ්දකුත් හෝදගෙන ආයෙම ඈදට වෑටෙනව.
ඔන්න ඕක තමයි අපේ ජිවිත කතාව.මෙහෙ ජිවත් වෙන 80%කගෙම තත්වෙ ඕක තමයි,ඔහොම කරල හම්බ කරගන්න සල්ලි ටිකකුත් අරගෙන ඉතින් ලන්කාවට ගියාම බලන්නෝන අපේ කට්ටියගෙ වෑඩ,රෑටත් sunglass ගලවන්නෑහෑ,සින්හල වචන වෑරදෙනව,සින්හල වචන 10කත ඒ රටෑ භෂාවෙ වචන 5ක් විතර කියවෙනව,අතින් බත් කන්න මතක නෑහෑ,මොන දේ කතා කරන්න ගියත් 'එහෙ නම් එහෙම නෑහෑ'කියල තමයි පටන් ගන්නෙ,දෙමවුපියො ඉස්සරහ කතා කරන විදිය සහෝදරයො ලග හෑසුරුනු විදිය සේරම අමතකයි.
ඈත්තටම මට මෙතනදි නොතේරෙන දෙයක් තියනව.මේ ඈයි මෙහෙම කරන්නෙ,එයාල හිටපු පීඩනයෙන් මිදෙන්නද,නත්තම් 'මෙ මම රට ඉදලනෙ ආවෙ'කියල පෙන්නන්නද කියල.
මට පෞද්ගලිකව කියන්න තියෙන්නෙ අත්තටම අපි මෙහෙ ගතකරන්නෙ මානසික පිඩනයෙන් පිරුනු හරිම කටුක වහල් ජීවිතයක්.අපි මේ හම්බකරන කීය හරි නිසා ලන්කාවෙ විදින සතුට විතරමයි තියන එකම සෑනසීම.ඒ ගෑන හිතල හිත හදාගෙන ජිවත්වෙනව........