Sunday, August 1, 2010

අපේ ජිවිතයෙන් එක දවසක්...........

මුලින්ම කියන්නෝන මම මේ blog එකට තාම නවකයෙක්.මේකෙ ඉන්න හෑමෝම බොහොම ලස්සනට එයාලගෙ post දාල තියනව.මම ඒව කියෙවුවෙ බොහොම ආසවෙන්.ඉතින් මටත් මගෙ අද්දෑකීම් ඔයාලට කියන්න හිතුන.
මම රෑකියාව කරන්නෙ විදේශ රටක.ඉතින් මේකෙ තියන විස්තර ටිකක් කියන්න හිතුන.
උදේ පාන්දරට නෑගිටින්නෙ කොස්සයි පලත්තයි සිහිකරගෙන,ඈදේ ටිකක් අගමලි කඩන්නවත් වෙලාවක් නෑහෑ ඉතින්,නෑගිට්ට ගමන් බලන්නෙ කවුද bathroom එකේ ඉන්නෙ කියල,එක කාඹරේක ඉත්න් අඩුම ගානෙ 5ක් වත් ඉන්නව.කාඹරයක් කිවුවට අඩි15 20 වගේ එකක්.ඒකෙ තමයි කුස්සියයි කෑම කාඹරෙයි නාන කාඹරෙයි නිදන කාඹරෙයි ඔක්කොම තියෙන්නෙ.ඉතින් කවුරු හරි එකෙක් නාන කාමරෙ පෑලවෙලානම් සද්දයක් දාල තමයි උව එලියට ගන්නොනෙ.
එලියට වරෙන් යකෝ ......කියල පොඩි සද්දයක් දානව ඉතින්
ඔන්න ඉතින් ඌ අඩ නින්දෙන් මටත් බෑනගෙන එලියට එනව,ඒ එනකොටම අතුලට පනගත්තෙ නත්තම් ඊළගට වෙන එකෙක් රින්ගනව,ඒ නිස කොහොම හරි අමාරුවෙන් රින්ගගෙන ඔය මොනවහරි ටිකක් දාගෙන දත් ටික අතුල්ලන්න පටන්ගන්නව.කියල වෑඩක් නෑහෑ,ඔන්න ඉතින් ගෙදර මතක් වෙන්න පටන් ගන්නව.අයියෝ මොකටද මේ ජීවිතෙ කියල හිතෙනව,,,ඉතින් කන්නඩියෙන් මගෙම මුන දිහෑ බලාගෙන කෑලි පහ ගහගෙන එලියට එනව,ඊට පස්සෙ ඔය තියන බිස්කට් එකක් එක්ක තේ එකක් බීල දුවනව බස් එක අල්ල ගන්න,ඔන්න ඉතින් බස් එකට නෑග්ග වෙලේ ඉදල ඩ්‍රයිවර්ට වඩා අපි පාර දිහෑ බලාගෙන යන්නෙ,මොකද ටික්කො නගියි කියල.[සාමාන්යයෙන් මෙහෙ බස් ටිකත් ගහන්නෑහෑ.මොකද කීයක් හරි වෑඩියෙන් ඉතුරු කරගන්නොන හින්ද]ඉතින් heat beet එක එකසිය ගානට නග්ගගෙන ගිහින් ඔන්න බස් එකෙන් බහිනව.
හප්පා දෑන් ඉතින් බලපන්කො ගෙදර එකීගෙ රෙස්පට්,උදේට උන්ගෙ මුනවල් දක්කහම සන්සාරෙ එපා වෙනව.උන්ගෙ ඔෆිස් ප්‍රස්නයි ෆෑමිලි ප්‍රන්සයි ඔක්කොම යන්නෙ ඉතින් අපේ පිටින්,[හෑම දොස් පදු පිටින් කියනවනෙ]ඉතින් ඔය සේරම ප්‍රස්න මෑද්දෙ අපි අපේ වෑඩෙ පටන් ගන්නව.මොනාද ඉතින් කරන්න තියෙන්නෙ,සන්සාරෙ පෙර කරපු කරුම සිහිකරගෙන හෝදපන් පුතා මුන්ගෙ බථ්‍රූම්.ඉතින් ඔය නාන කාමර වලින් පටන් ගත්තහම් උන් නිදියපු කාමර කාපු බීබු පිගන් කෝප්ප,ඒව විතරක්නම් බෑරියෑ මුන් රෑට ඈදන් හිටපු ඈදුම් [යට ඈදුනෙත් එක්කම]ඔය සේරම ඉතින් හේදිල්ලක් තමයි තියෙන්නෙ.ඕව ඉතින් ටිඅක ටිඅක් ඉවර කරල ඔන්න අන්තිමටම යනව කුස්සිය හෝදන්න.කියල වෑඩක් නෑ මුන් එකෙකුට කෑම කන්න පිගන් 5ක් විතර ගන්නවනෙ,එතකොට කියන්නොන නෑහෑනෑ හෑදි ගෑරුප්පු ගෑන.50ක් 60ක් පෑනල.දෑන් ඉත්න් ඔන්න ටික ටික බඩ කතාකරන්න ගන්නව.ඉතින් ඒ බඩිගින්නත් එක්ක එන හිතේ අමාරුවෙන්ම කොහොම හරි ගේම ඉවර කරනව.හවස් වෙලා වෙඩ ඉවරවෙනකොටම ඔන්න ඉතින් ගෙදර ගෑනි එනව.මේ ගෑනි ඉතින් අතන හෝදල නෑහෑ මෙතන හොදල නෑහෑ ඈද හරියට ගහල නෑහෑ ලෝකෙ නෑති අඩුපාඩු.ඔන්න ඒ වෙලාවට තමයි ඉතින් උන්ගෙ ම්වු දෙමවුපියො මතක් වෙන්නෙ.කතා කරල වෑඩක් නෑහෑ,ඒ වෙලාවට අත්තටම හිතෙනව ලන්කාවට වෙලා මුට්ට කරගහන වෑඩක් හරි කරගෙන හිටියනම් හොදයි කියල.ආ...කියන්න බෑරිවුනානෙ,ඔය වෑඩ සේරම මෑද්දෙ ඉතින් දවල්ට pizza කෑල්ලක් හරි මොනව හරි බඩටත් දාගන්නව.ඔහොම ඉත්න් වෑඩ ටික ඉවර කරල මරිල මරිල ගෙදර ආපුවම නිකන් ඉන්න නෑහෑ,රෑට කන්නත් ආයෙ මොනව හරි තම්බන්නෝන,[ඒ වෑඩේ නම් අපි දවස් 7ට බෙදාගෙන තියෙන්නෙ.ඒක නිසා උයන්න තියෙන්නෙ සතියට එකදවසයි].ඊට පස්සෙ ඉතින් තම්බ ගන්න දෙයක් කාල පෝලිමෙ ඉදල කොහොමහරි ඈග පොඩ්දකුත් හෝදගෙන ආයෙම ඈදට වෑටෙනව.
ඔන්න ඕක තමයි අපේ ජිවිත කතාව.මෙහෙ ජිවත් වෙන 80%කගෙම තත්වෙ ඕක තමයි,ඔහොම කරල හම්බ කරගන්න සල්ලි ටිකකුත් අරගෙන ඉතින් ලන්කාවට ගියාම බලන්නෝන අපේ කට්ටියගෙ වෑඩ,රෑටත් sunglass ගලවන්නෑහෑ,සින්හල වචන වෑරදෙනව,සින්හල වචන 10කත ඒ රටෑ භෂාවෙ වචන 5ක් විතර කියවෙනව,අතින් බත් කන්න මතක නෑහෑ,මොන දේ කතා කරන්න ගියත් 'එහෙ නම් එහෙම නෑහෑ'කියල තමයි පටන් ගන්නෙ,දෙමවුපියො ඉස්සරහ කතා කරන විදිය සහෝදරයො ලග හෑසුරුනු විදිය සේරම අමතකයි.
ඈත්තටම මට මෙතනදි නොතේරෙන දෙයක් තියනව.මේ ඈයි මෙහෙම කරන්නෙ,එයාල හිටපු පීඩනයෙන් මිදෙන්නද,නත්තම් 'මෙ මම රට ඉදලනෙ ආවෙ'කියල පෙන්නන්නද කියල.
මට පෞද්ගලිකව කියන්න තියෙන්නෙ අත්තටම අපි මෙහෙ ගතකරන්නෙ මානසික පිඩනයෙන් පිරුනු හරිම කටුක වහල් ජීවිතයක්.අපි මේ හම්බකරන කීය හරි නිසා ලන්කාවෙ විදින සතුට විතරමයි තියන එකම සෑනසීම.ඒ ගෑන හිතල හිත හදාගෙන ජිවත්වෙනව........

10 comments:

  1. ඔබගේ අත්දැකීම් බෙදාගැනීම බොහොම වටිනව

    ReplyDelete
  2. එයි මචන් දිනුෂ් කියලා මගෙ සටහනෙදි දැකපු ගමන් මම දැනගත්තා මෙ ඉන්නෙ අරු තමයි කියලා, facebook බැජ් එක අයින් කරපන්. එතකොට ඔනැ එකක් ලිව්වැහැකියි
    උඹයි බුද්ධිකයායි තරම් මට 100 % සුවර් කරන්න පුලුවන් වෙන උන් දෙන්නෙක් නැහැ. උඹලා දෙන්න වැඩක් කරොත් අපි තුන්දෙනාටම දැනගත්ත හැකියි. කවුද මෙක කලෙ කියලා. උඹව මෙහෙම දකිද්දි ඉටත් වැඩිය සතුටුයි. සන්තොෂයි සහොදරයා. අවංකවම උබෙ හැකියාවන්ට ගරුකරනවා.

    ReplyDelete
  3. මචන් රවා,මගෙ ජිවිතේට මට හමුවුන හදවත් අතරින් උබත් හොදම හදවතක්.උඹ මාව විස්වාස කරන තරමට මම උඹගෙ යාලුවෙක්.ඒකෙ ආයෙ කතා දෙකක් නෑහෑ.
    උඹ දන්නවනෙ blog සීන් එකක්ට තාම මම අලුත්.ඒ නිසා හම තිස්සෙම මට උදවු කරපන්.මගෙ පලවෙනි ලිපිය ඈගෑයුවට උඹට බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. සමහරු රට හැර වෙනත් දේසයකට පියඹලා යන්නේ සල්ලි හොයන්නම නෙමෙයි... මම හිතනව දිනුෂ් ඔයත් එහෙම කෙනෙක් කියල... මගේ හර සුන් බොළඳ ලිපියට දිනුෂ් ලියපු කොමෙන්ටුවයි.. මේ ඔයාගේ පලවෙනි ලිපියයි දැක්කම මට ඒහෙම හිතුන. සමාවෙන්න වැරදි නම්...

    සල්ලි වලට වඩා දේවල් හොයන් මිනිස්සු විදේසගත වෙනව කියල මම දන්නව...

    ආදරේ හොයන්න..
    නැතිවූ ආදරෙන් මිදෙන්න...
    වෛරයෙන් ගොඩ එන්න...
    ගොඩක් හේතු තියනව

    ReplyDelete
  5. අවංක හැගීම් වලට හිස නමා ගරු කරන අතරම බ්ලොග් අවකාශයේ දිගු ගමනකට ආසිරි පතනව..
    එන්න යන්න
    දැන්ම පටන් ගත්තොත්
    ගොඩක් දුර යන්න පුලුවන්
    ඉතින් අපි යමු නේද...
    ෴ ජය ෴

    ReplyDelete
  6. @ සොදුරු සිත,
    මේ තරම්ම සාදරයෙන් පිලිගන්නකොට ස්තුති කරන්න මා ලග වචන නැහැ.ඇත්තටම මම මේ බ්ලොග් එකට ලියන්නො බොහොම ආසාවෙන්.ඒකෙ ගොඩාක් තියෙන්නෙ අවන්ක අදහස් කියලයි මට හිතෙන්නෙ.
    ඔයා හිතපු දේ හරි,මෙ විදේශ රටවල ඉන්නෙ සල්ලි හොයන්නම නෙමෙයි.මොන ඒතුවක් නිසා මෙතන්න්ට වැටුනත් ගතකරන්න තියෙන්නෙ කටුක ජිවිතයක්...
    නිහතමානිව ඔයාගෙ අවන්ක වචන ටිකට ආයෙමත් ස්තුතියි.
    ඔයාලගෙ උදවු එක්ක හැකිතරම් කාලයක් රැදී ඉන්න බලාබොරොත්තු වෙනව.

    ReplyDelete
  7. දිගුගමනකට ආසිරි සහෝ..ජයෙන් ජය....ගොඩක් දෙවල් තියෙවි..අපිට කතාකරන්න....

    ReplyDelete
  8. @ ඉලන්දාරිය.
    ගොඩක් ස්තුතියි සහෝ..ඔයාලගෙ සහෝයොගය මට හමදාම ශක්තියක් වේවි...

    ReplyDelete
  9. දිනුෂ්, ඔයා මගෙ බ්ලොග් එකේ කමෙන්ට් කරල යන තුරු මම මේ බ්ලොග් එක දැකලවත් තිබ්බෙ නෑ. ඒත් මම හැමදාම දකින්න අහන්න බලාපොරොත්තුවෙන් ඉඳපු විදියට ඔයා මේක ලියල තියෙනව. ඇත්ත,
    ලංකාවෙ මිනිස්සු ඇත්ත නොකියන නිසා ඒ නැත්නම් ඔයා අර අන්තිම වචන ටිකෙන් කියනව වගෙ ජීවත් වෙන නිසා පිට රට ගිහින් නිරපරාදෙ කරදර විඳින ජීවිත අවුල් කරගන්න මිනිස්සු මම බොහෝ විට දැකල තියෙන නිසා..
    මම ඒ ඇත්ත ලියන්න තරම ආත්ම ශකිතියක් තියෙන කෙනෙක් වෙන ඔයාට ගරු කරනව.. මේ සටහන තියන්නෙත් ඒ වෙනුවෙන්...

    ඔයා ඒ ඇත්තත් එක්ක දිග ගමනක් බ්ලොග් එකත් එක්ක ඒවි කියල මට හිතෙනව,

    - ජය

    ReplyDelete
  10. @ චේතනා,
    කොච්චර තිත්ත උනත් ඇත්ත ඕක තමයි.මේ මිනිස්සු හැමදාම කරන්නෙ ඇත්ත හන්ගගෙන බොරුවෙන් ජීවථ්වෙන එකයි.


    මගෙ පලවෙනි ලිපියට දාපු සටහනත ගොදක් ස්තුතියි...

    ReplyDelete