Wednesday, August 11, 2010

සිත් දැහැන බිද................



නිදාගැනිමට ඇදට වැටුනත් නින්දක් පෙනෙනතෙක් මානයකවත් නොතිබිණි. ඒ මේ අත හැරුනා මිස ක නින්දට සැරසිමක් නම් සිදුවුමනේ නැත.මෙලෙස විනාඩි කීපයක් ගතකල මට කාඹරයෙන් එලියට යෑමට සිත්විය.

එළියට පැමිණ වෙටපිටාව බලන විට වේලාව මධ්යම රාත්‍රිය පසුකර තිබුනු බව නිහැදියාවෙන් මට පසක් විය.අවට තිබුනේ අඩ අදුරේ දිස්වන නිවාස සන්කීර්ණ පමණි.ඉද හිට ඇසුනු වාහන ශබ්දයක් මිස කිසිම කිසි හඩක් ඇසෙන මානයේ නොවිනි.ඉබේම වාගේ දෑස් දිගු වුනේ ඉහල අහස දෙසටය.පෙනෙන්නට සද නොතිබුනත් පෙනෙන නොපෙනෙන මානයේ දැල්වෙනිම් තිබු තරු දෙක තුනක් මා දෙනෙත් නවතා ගැනිමට සමත් විය.මොහොතකින් මට ගීතයක් මිමිනුණි.

තනි තරුවේ...............
ඔබත් ඔහොම ඔතන ඉන්න
මමත් මෙහෙම මෙතන
ඉන්නවා......................

මෙය වික්ටර් රත්නායක මහතාගේ මා සිත තදින්ම ඇද බැද ගත් ගීතයක්ය.ගීතයේ පද දෙකතුනක් මුමුනමින් අහස දෙසටම නෙත් යොමා තිබුනද,කුමක් හෝ නොසන්සුන් බවක් සිත වෙලා ඇතිබව මට ඉගියකින් දැනින.මා අසල තිබු බිත්තියට උරහිස බර බොට මොහොතක් දෑස පිය ගතිමි.

මගේ නැගණිය දුරකතනයෙන් මා ඇමතු අයුරු මට එක වරම සිහියට නැගිනි.


'අයියෙ,අද මම ලන්ච් ටයිම් එකේ ක්‍රීම් වගයක් බලන්න ගිය.
ඒව හරි ගනන් අනේ,මම ගත්තෙ නැහැ
.වෙන කොහෙවත් බලන්න ගියෙත් නැහැ,ආපහු ආව.'
මේ ඇගේ කතාවයි.
ඇය ඒ තරමටම මට ලෙන්ගතුය.ඇගේ ජිවිතයේ සියලුම දේවල් මා සමග බෙදා හදා ගැනිම අගේ පුරුද්දයි.ඒ දේවල් කුමක් උවත් දැනගැනිමට මා කැමැත්තෙන් පසුවන බව ඈ හොදින් දනි.


මේ සමගම මගේ අක්කාගේ දු පොඩිත්ත,,,,,නිතරම මා අසරණ කරවන කතාබහක යෙදෙයි.

'අනේ චුටි මාමෙ,ප්ලේන් එකක් දකිද්දි මම හැම දාම කෑ ගානව ඔයාට බහින්න කියල
ඇයි ඔයා එකසැරයක්වත් බැහැල මාව බලල යන්නැත්තෙ?
ඔයා ඒ ප්ලේන් මාමට කියන්නැද්ද 'මට දුව බලන්නෝන නවත්තන්න' කියල.
හැබැයි ඔයා මගෙ ඊලග හැපි බද්ඩේ එකට ආවෙ නැත්තම් මම ඔයත් එක්ක තරහ වෙලා වෙන චුටි මාම කෙනෙක් එක්ක යාළු වෙනව හරිද?

කිරිකැටි වචන එකතු කර මෙසේ මා දෙස බලා දොඩන ඇය මගේ සිත්තැවුල් දාහකට විසදුම බවට පත්වන්නේ ක්ෂණයකින්ය.


නන්ගිගේ ඔඩොක්කුවේ සිටිනා අක්කගේ චුටි පුතු මා දෙස බලා 'චුටි මාමේ 'කියාගැනිමට නොහැකිව'අය්යේ අය්යේ'කියා කෑ ගසන්නේ ශරිරයෙ දුවන ලේ සුවදටම බව මට හොදින් වැටහුනි.සිත් දැහැන් ගත කරවන මොවුන්ගේ මෙම දොඩමලුකම් මසිත ශෙල්ලිපි නිර්මානය කරන්නාක් මෙන් මට හැගුනි.








ගත දැවටුනු සීතල සුලන් රොදක් සමග මම නෙත් විවර කලෙමි,දැහැනකට සම වැද උන්නාක් මෙන් මට හැගිනි.

උරහිස බිත්තියට බර කොට කොපමන වේලාවක් ගතවිද යන්න මට හරියටම නොවැටහිනි.නමුත් කිසිම ශබ්දයක් නෑසෙන තරමටම ඇසෙන මානය නිහඩ වි තිබුණි.පසුදින උදයේ රැකියාවට යා යුතු බව සිහියට නැගුනු නියාවෙන් මම දැහැන බිද දමා නැවත කාඹරය වෙත ගියෙමි.

නින්ද සොරාගෙන මා සිත හුදකලා දැහැනක සිරගට කළේ එදින සවස මා කල පුන්චි දුරකතන ඇමතුම බව පසුව මට වැටහි ගියේය.........

No comments:

Post a Comment